පුතේ නුඹ තරහද – වර්ණ රසිකා ගුණවර්ධන

No Comment 129 Views

පුතේ නුඹ තරහද
පොඩි කාලෙ ටොකු ඇන්නට
ඉක්මනින් ලොකු වෙන බව
දැනන් උන්නේ නෑ මම.

බත් එපා කිව්වම
ගුලි හද හදා කැව්වට
ළඟක හිටියානම් අද
එපා දේවල් දෙන්නෙ නෑ මම.

කරුවල වෙලාවක
ගේට්ටුවෙ හඬ ඇහුණම
අම්මෙ මං ආවා
කියන හඬ ඇහෙනවා වැනි මට.

එදා නොදුන්න දේවල්
හුඟක් ඇත ඔබට දෙන්නට
එහෙත් මම දන්නෙමි
දැන් කිසිත් ඉල්ලන්නෙ නැති බව!

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)