හදවතේ වෙඩි ලකුණු!! විසල් සේනාතිලක.

No Comment 98 Views

.
අන්දමන්ද කොළඹ අහස යට
ගෙන්දගම් සුවඳින් වැසි වැටෙයි,
කළුවරම සිහිනයක් අවුළුවා
නියෝන් එළියක් රැයේ තනිමකයි..

තෙත බදාදා හවසක් වගේ
නුඹ සිහිනයක් හෙමින් කොනිත්තයි,
පෙති අත්හරින දාස්පෙති මල් වගෙ
නුඹෙ මතක හදවතත් අත්හරියි..

ඉතින් මේ ග්‍රීස්මයේ ,
හදවතේ වෙඩි ලකුණු,
නුඹ ගියා කියා නම් නෙමෙයි..

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)