කන්තෝරු බෑගය !! සුමේධ විජේරත්න

No Comment 335 Views

පැරණි, මළ කෑ කම්බි වැට දිග
වෙළෙයි නවමු’වු පිච්ච වැල
දඟ දම දමා රඟන විලාසෙන
උදා හිරු කෙඳි ඇදී නො’එවිද

පුරුද්දා කම්බියේ සිඳුණ තැන්
පියෙන් පිය ඈ ඇදෙන හැටි
තවත් ඔපවෙයි ඔන්න ළඟදිම
සේයාවකිය කැකුළු මොළකැටි

දැන් කම්බියක් ඇත නැත
මිහිරෙකි නිවසට පිච්ච වැට
අව් වැසි සුළං දැන් මොනවද
කම්බිය කියන හැටි මට

පසෙක තබනෙමි තිස් වයස් කන්තෝරු බෑගය
තේකක් හදාගෙන බොන්න ඕනේ සීනි දාලා වැඩිපුර

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)