චපල සිත – වත්සලා කුමාරි අත්තනායක.

No Comment 437 Views

කිටි කිටියෙ හිර වෙන්න

තද කරන් ළය මඬල
සඟවන්න ඔබ තුරුළෙ
සැතපුණේ නැහැනෙ මං

හිනහෙන්න බැරි වුණත්
නුඹ ළඟට ළං කරන්
උණු කඳුළු හිර කරන්
පිය මැන්නෙ නුඹ එක්ක

සනසන්න නුඹෙ සිතම
පෙරදාක නුඹ සෙවුව
කවිකාර මගෙ සිතම
තනිවෙලා නේද දැන්

පෙරදාක ළඟ හිටිය
හැමදාම හිත හැදුව
ආදරෙයි ඔබ කිවුව
චපල සිත අන් සතුය.

 

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)