අශාන් කුමාරගේ

No Comment 356 Views

කපා හෙලිකර අපේ වනපෙත
නුබේ වරිගෙට මැදුරු තනනට
අපේ නිජබිම් නසා දැමුවේ
කිම කියන් මිනිසුනි ඉතින්

මගේ වරිගේ එකා දෙන්නා
නුබේ ගිනි බටයට නැසෙනකොට
දරු පැටව් ටික තුරුලු කරගෙන
කොහේ යන්නද මම ඉතින්

සෙවනදුන් ගහ කොල නසනකොට
වතුරදුන් දිය කඩිති නැතිවිය
වැවේ තාවුල්ලේ දිය කෙලිය මගෙ
පොඩි එවුන් කොහෙදෝ ගිහින්

වසර දස දහසක දුරක සිට
නුබත් සමගම කල් ගෙවූ අප
කාසි කහවනු දුටුව දාසිට
වැනසුවේ ඇයිදෝ ඉතින්

නුබට මෙන් කිසිවක් කරන්නට
නොහැකි අසරණ මගේ වරිගෙට
ගිනි පිබිනකොට අසයි මගෙ සිත
තිරිසනා කවුදෝ ඉතින්….?

 

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)