සුදත් දේවප‍්‍රිය

No Comment 23 Views

( කවි පොතින් ලියා තබමි-)

ගිනි මලේ ඉර මඩල
දුරු රටට වඩින විට
ඇස් පටලා හඩන
හීතලම කදුළක් ගලනවා
ජීවිතේ වංගුවක

හද දවන සෙනෙහසට
දකින්නත් නැති කොට නුඹව
දුරුතු පෝයම ගෙවෙයි
දුක්බරම කදුළකට

පලා පෙති මෝස්තර හැලෙයි
හැමදාමත් සිත්තම් තුල
කලාවක් කොහිවේද බිසෝ
මුලාවක් මිස ලගක

දැන් වහිනවා ඇති
සෙනෙහසේ වෙහෙරටම
ඉතින් නුඹ එනු ඇති
ජීවිතේ වංගු මත

බලා ඉමි නිහඩව
ගලයි රෑ මැදියම
දන්නවා නම් බිසෝ නුඹ
මමත් දහ අට වංගුවක බව…

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)