ජනක කුඹුකගේ

No Comment 551 Views

ගුබ්බෑයමක කෙළවර
අත හැරුණු ජීව්ත අතර
ගෙවයි දිව් කතර
ගැටවර සිඟන්නා
සිඟමන තෝතැන්න කර….

වසන්ගතයක් ලෙස හමා ආ උණ
චන්ඪ ලෙස ව්සිරුනා දසත
හිස කඳ මුදුනින්ම අඩපනව
සිඟන ගැටයටත් සහලෝල උණ….

පරලෝසැපත් ජන මණ අතර
ගැටයා ගුලිවුනා
කොරිඩෝවෙ
උණ රෝහලේ
අඳුරු මුල්ලක….

නයිට්න්ගේල් හැඩ වැඩ කරන
නර්ස් නෝනා ඔසු අරන්එන….

ආ…මෙන්න මේව බොන්න
ව්වේකීව ඉන්න
මිහිරි හඬින් කියා
ලැසි ගමනින් ගියා
ඔසු පැන් බිව් මේ ගැටයට
තදින් නින්ද ගියා….

රෝහල් කොරිඩෝව ඔබ්බෙන්
ඇතිරූ ව්ල්ලූද පළසින්
සෙනෙව් සේනා පිරිවරින්
වර්ණ සැරසිලි මතින්
ගරු ගාම්භීර ව්ලසින්….

පැමිණියා ඔහු
කාල තන්ත්‍රයට එපිටින්
රන්මුතු දිවයිනට
අතිමහත් සතොසින්….

පන්චතූර්ය්‍ය නද මැද
එසැවුනා ලෙළ දිදී ධජ
සෙමර සලනා
කිච් බිච් ලඳුන් මැද
සින්හාසනාරූඩ වූවා
රන්මුතු දිවයිනේ රජ….

පදව් ප්‍රාප්තිය අණුහසින් ඉතිරිනි
සැණකෙළි වරුණ ඇරබුනි
ජනයා කෙළි දෙලෙන් ඇඹරුනි
හිඟන ගුබ්බෑයමෙන් ආ අපතයා
සිOහ සෙයියාවෙන් රජවුනි….

දේශයේ පෘව්ඩ හිමිකරු මම වෙමි
සර්ව බලධාරී බලය හිමි
හිරු සඳු පවතිනා තුරු
මම මහ රජම වෙමි….

පාගා හප කෙරුණු
යටත් කල යටත් වැසියන්
එක පෙලට පොරකකා
ගයති ස්තෝත්‍ර
මහ රජුගෙ ගුණ වයා….

මේ රජ සුරින්දා…
වර වර ලඟට කැන්දා…
දුක් සැප කුමන්දා…
අසන නිරිදෝ වෙන කොයින්දා….

කරවටක් බැස රජ මැදුර මත
ආචාර මහාචාරියෝ
සකළ කලා වල්ලභයින් පෙරටුව
දෙදණ ඇන දණගගා
රජ වැණුම් වණමින්
සුබ පැතුම් එක්කරති
දොහොත් මුදුනින්…..

අඹති නෙක නෙක පිළිරූ
මහ රජා හැඩයට…
පිළිරූ මත කෙටූ රජ ලිඟුව
කිරි කළ හළ හළා දෝවනය කර
උරා බොති සුරතල් කතුන්….

මල් ගොමු ගොමු අතර
සුර ලියන් මැදිකර
සුරතාන්තය ලබයි
පස්වාන්දහසක මහ රජ….

සැණකෙළි සපිරි රජ අරණ
කුල්මත් උනා මොහොතින් මොහොත
පුරෝහිත ඇමතියා සපැමින
කියයි රහසක් රජුගෙ සවනත….

අමන්දානන්දයේ ගිලුනු රජ
තකහනියෙ සිහසුනෙන් බැස
හැල්මේ දිවගියා
සිරියහන් ගැබ වෙත….

රුසිරු රුවැත්තිය
අන්තප්පුරය මත පිපෙණ
නව යොවුන් රූබර ගැට්ස්සිය….

පොපිය වූ රජ ගත
ජවයෙන් සලිත ව්ය
උනා සළු තිර
එකෙනෙහිම තුරුලු ව්ය
හිරිමල් සිඳ බ්ඳ
පරමල් සුවඳ ඉරුමට…..

ගැස්සි ගැස්සී තිගැස්සුණු ගතින්
වැටුනා කාලතන්ත්‍රයට මෙපිට්න්
නර්ස් නෝනා පැමිනියා
එන්නත් කටුව සමගින්…..

දැනුනි තෙතබරිත ගතියක්
ඉණ අද්දරින්
අනේ…..
රජුගෙ ශුද්ධ ධාතුව
පහව ගොස් ඇත සිහිනෙන්…..

 

Image – Ghislaine Fremaux

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)