බිඳුණු බඹසර – සුමනා විජේරත්න

No Comment 399 Views

බිඳුණු බඹසර

නගන මැසිවිලි සමග කැටි වුනු ඔබේ රසබර කතාවේ,
අරුත අභියස සලිත හදවත රිදුම් කකියන වෙලාවේ,
නුරා වෑහුන දෑසෙ කැටිකර විහිදී පෙම් රස ගුලාවේ,
දැහැන බිදගෙන බිදුණු බඹසර සිරුර ගිනිගෙන දැවීයේ.

ශේෂ වී යන ඒ පුරා හඳ සයුර සිප ගෙන වැතිරිලා
බිදිති පිණිකැට සමග මුසුකර ඔබට හිමිදිර ගෙනල්ලා
මගෙන් ගිලිහුණ අවර ගිර අද ඔබේ ලෝකය එළිකලා
අදුරෙ දැවටුණු බිදුන හදවත ගීය සුළගට මුසුකලා

බැඳෙන සිතුවිලි සමග ඉපදෙන වේදනා කලඹයි හදේ
නිදන්ගත වුන සුසංයෝගය වැය නොවේ පැසුමෙන් හිඳේ
හදට උරුමවු රුදුරු තනිකම සුවහසක් මැද උව රැඳේ
වීතරාගී චේතනාවෝ සදාකල්හිම ඉකි බිඳේ

July 18 /18 – සුමනා විජේරත්න

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)