ප්‍රේමය !! – කසුන් මහේන්ද්‍ර හීනටිගල

No Comment 419 Views

හමුවීම් හිමිවීම් කිසිවක් නැතිව ම
ගිවිසුම් නීති සීමා තඹේකට මායිම් නොකර ම
ලෝකෙ ලස්සන ම හිනාව මුව අග තවරගෙන
අහා ! හරි සුන්දර ම තාලෙන් නුඹ ඇහි පියන් ගස්සන.

උපමා උපමේය ගැළපිලි
මනරම් ගීත ශ්ලෝක පිරි සැරසිලි
කිසිවක් ම අවැසි නැත මිහිරිය
හිනාවෙන් වෙරි වෙන්න නියමිතයි හිත මැද.

වචනයක් වුව කතා නොකරම
ලොකු දුරක් ඉගිල යන ඉක්මන
මවා ඇස අමරස නිවා හද සරතැස
හෙමි හෙමින් ළය පුරා සක්මන.

මේ තරම් කාලයක් දැන දැනත්
කතා නොකරපු එකමයි හොඳ
ඒ හින්දාම තමයි ගිනි දහක් මැද වුණත්
ඔය සරල බව දකිනකොට සීතල.

දැන් ඔන්න කියනවා එහෙම නෙමෙයි
විවාහක සුළි සුළඟේ ගහගෙන ගියපු විත්තිය
කොන්දේසි විරහිතයි ප්‍රේමිය
සංසාර උරහිසයි ප්‍රේමය !!

| කසුන් මහේන්ද්‍ර හීනටිගල

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)