නර-දෙවු ගණුදෙනුව — පී.එම්.පතිරණ

No Comment 315 Views
නර-දෙවු ගණුදෙනුව
———————————-
තෙලද සරු මඳ හැඩයි
සිළුව ටික ටික නටයි
අඳුරු ගණ තිමිර පට
ගුප්ත  ඡායා ඇඳී
තෙද බලැ’ති නුඹේ මුව
විරූපයි  බියකරුයි
දෙතුඩ දෑඟිළි නඟා
තිරය ඔසවනු බැරිව
කුටිය මැද අඳුර මැද
මට වඩා අසරණයි?
පිදූ මල්, පළ වට්ටි
මැළවිලා කුණුවෙලා
දිව බොදුන් වගේ නම්
නැතුව ඇති සාමීනි,
නර ලෝකෙ පළතුරුත්
වස මුසුයි කලියුගේ…
වට්ටියේ පන්දාහෙ
පටිය ගරු ස්වාමීනි,
පූසාරි මහත්තැන්
අරන් දෙන්නැති නේද..?
සැලුණු ඩා-ලේ -කඳුළු
දුගඳ එහි වැකී ඇති
සමාවී ඉවසන්න
ගැත්තාට අවසරයි…!
යාදින්නෙ බරපැණය
පියවන්න සෑහේද?
දේව-ඩොලරයට අද
රුපියලේ රේට් එක
දන්නෑනෙ සාමිනී,
ඒනිසයි…!
–පී.එම්.පතිරණ
In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)