සත්ගුණවත්, සුගතපාල…. නයනසේන වන්නිනායක

No Comment 86 Views

අන්ඩ දාපු ජංගි ඇඳන්

අපිත් එක්ක බීඩි බිබී
දාඹු ගහේ එල්ලීගෙන
බිලී බාපු සුගතපාල

කසිප්පු කාලක් දාගෙන
බණමඩුවේ පීකරයෙන්
මල්වට්ටිය ලංසු තියපු
අපෙ පංතියෙ සුගතපාල

කසිප්පු බූලිත් එක්කම
කුදලාගෙන උඹ යනදා
කඳුළු වැටුන මගේ දෑසට
දුක හිතිලා පැටවුන් ගැන

මැම්බර් චන්දෙන් දිනලා
රජෙක් වගේ ගමට ඇවිත්
නිර්ධන පන්තිය වෙනුවෙන්
උඹේ වීර කතා අහල
උහුලාගන්නට බැරි තැන
ගමම එදා ඇඩුවා බං
අම්මපල්ල සුගතපාල

කළු ඇඳගෙන බාල් නටල
සුදු ඇඳගෙන සබේට ගිය
සල්ලි මිටිගනන් අත ගෑ
සත්ගුණවත් සුගතපාල

වංචාවක පැටලීලා
මාංචු කුට්ටම දාගෙන
උසාවියට උඹ යනකොට
තුහ් නොදකින් හිතුන මචං
අපෙ ජීවිත ලංසු තියපු

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)