මං කිව්වනෙ …… රසිකා ගුණවර්ධන

No Comment 97 Views

මං කිව්වනෙ

මැඩම් කෙනෙක් වෙන්න බෑ කියල
ඔයා තමයි කිව්වෙ
තත්වෙත් උසස්වෙයි,පඩිත් වැඩිවෙයි
පෙන්ෂන් එකටත් වාසියක් වෙයි
කට්ටියත් සළකයි අරව මේවා.

දැන් ඉතිං කොහොමද
කොල්ලොයි බල්ලොයි ආං බාං කරලා
රතු පෑනෙන් ඉරි කොටු ඇඳලා
දවසෙම උන්ගෙ ප‍්‍රශ්න විසඳලා
ගෙදර එනකොට බාගෙට මැරිලා.

වැඩකාර චරිතෙට සූට් එක ඇඳලා
හොද්දක් බතක් උයල වලං හෝදලා
පහුවදට සාරියෙ රැුලි ටික හදලා
නාගෙන එනකොට පෙරහැර ගිහිල්ලා.

කෙලින්ම ඇඳට වැටෙනව මිසක්
මොන කවිද එතකොට.
ඔයානං කැමති ඇති
ලපිස්සු කවි ල එහෙමනෙ කියන්නෙ
ඒ වුනාට මට දුකයි.
කෝ ඉතිං අද දවසටවත්
එකක් කවියක් ලියවුනේ නෑනේ .

ඔයාටනං මොකෝ, තව හිනාත් වෙනවා.
ඒ හින්ද තමයි මං කිව්වෙ
මැඩම් කෙනෙක් වෙන්න බෑ කියල“`

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)