ක්ලැසිෆයිඞ් කවියක් – මංජුල වෙඩිවර්ධන

No Comment 87 Views

 

ඒ ලූහුඬු දැන්වීම
කපා වෙන්කොට
තබා මේසය මත
පත්තරය ගෙන නික්මෙමි

පේමන්ට්ටෙකේ නැවතී
නැවත
නැවතත්
විමසමි
හිස් තැන
තිබුණු තැන

අඩු ලූහුඬුකම් නැති
ලූහුඬු දැන්වීමක
උපරිම වචන කීයද?
වචනෙට තවම සීයද?

ඔබට ගේ වික්කැකි
මට අතීතය රැුක්කැකි
(‘නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුළක’ -2014*

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)