සූරි­ය­කාන්ත – ශ්‍රියා හිඳු­රං­ගල

No Comment 29 Views

හැන්දෑ­වට නොපෙනී ගොස් යළිත් දවස ඇර­ඹු­ණාට
ඉඳ හිට වත මුවා කරන අඳුරු වලා පැති­රු­ණාට
හිතා­ගන්න බැරි තර­මට ගව් ගණ­නක් දුර වුණාට
ඉරට යන්න මං ආසයි ළං වෙන්නට බැරි­වු­ණාට

ඉරෙන් එළිය ණයට අරන් සඳ බොරු­වට හිනැ­හු­ණාට
එහෙන් මෙහෙන් රෑ අහසේ තරු එක දෙක බැබ­ළු­ණාට
දේදු­න්නක් හොරෙන් ඇවිත් ඇස් මානේ හමු­වු­ණාට
ඉර එළි­යට මං ආසයි පාට හතම නොපෙ­නු­ණාට

අරු­ණෝදේ කිරණ ගලා ගහ කොළ මල් සැර­සු­ණාට
ඒ උණු­සුම දරා­ගන්න බැරි පිනි බිඳු විය­ළු­ණාට
ගංගා වැව් සිඳී ගිහින් මහ හිම කඳු දිය­වු­ණාට
ඉර රස්නෙට මං ආසයි වෙන වෙන මල් මැල­වු­ණාට

අහස පොළොව එකතු කර­න්නට පාලම් නොහැ­දු­ණාට
ගහ තරු ‍ෙමානව ද දන්නේ කල්ප ගණන් කැර­කු­ණාට
යන යන පැත්තට හැරුණේ ආද­ර­යක් ඇති වුණාට
ඉර දකින්න මං ආසයි ඉර මා දෙස නොහැ­රු­ණාට

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)