නගරවැසි – කපිල එම් ගමගේ

No Comment 96 Views
විසල් තුරු හිස් මත
ඵල දරණ විදුලි බුබුලුය
රාත්‍රී කාලයට
විළිකුන්ව බබලනකලෙක හිස ගසා දැමු
පුරාතන බස් නැවතුමක
තවමත් තිබේ මැකෙමින්
සියලුම සංස්කාරයන්කෙඳිරිලි හඬක් නගමින්
ඇඳිවත උනයි ළසොවින්
ජීවිතයටම පෙම්බැඳි
මැයි මාර මල් පැහැයක්

කුලගොත් නොවිමසන
වසත් සමයද මගහැරුණ
මඟුල් යෝජනා තීරුවක
තිබේ කඳුලක් වියැලුණ

දිරූ ලණු අග එල්ලෙන
ඉපැරණි පෙමක මතකය
ඉඳහිට පණ ගසයි
සුසුම් සුළඟින් ඔසුගෙන

වැසීගිය දොර දොර
මධුවිතක් සොයායන
මධුලෝල සුළවතෙකි
ජීවිත තනුව නොගයන

සවනක් රැසින් බබලන
වීදි ගත කුණු කාණුවක
වැළපෙන ප්‍රාර්ථනාවට
තවමත් නොමැත හිමිකම

සුදු මුදු වතින් සපැමිණ
අහසේ සරන විට සඳ
“සේකර ” නැගේ සිහියට
විසිරුණු දුම් වළලු මැද

සිව්දිගින් මෙහි ආව
සහපිරිවරකි නොහඳුනන
අලුත් යැයි සිතමින
පරණ දිවියම හෙටත් වළඳන ~

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)