සේද මාවත – රුවන් බන්දුජීව

No Comment 238 Views

පෙර අපරදිග යන දෙපැත්තේ

කිමද කිසි සඳහනක් නැත්තේ
සේද මාවත ඔස්සේ -සේද සළුවක් පොරවන්
ඇවිද ආ පට පණුවකු පිළි බඳ ?

පැහෙන උණු දිය බඳුන් පත්ලේ
තුරුනු පටපනු මිනී කුනුවෙයි
පිළිස්සෙනවිට නැගුණු මර හඬ
සේද සළුවී උඩට විසි වෙයි

මැරුණු පටපණුවෙකුගේ පැටියෙක්
සේද පිළිබඳ හීන නොදැකම
අඳුරු මල්බෙරි පඳුරු අස්සේ
ගැහි ගැහී හීතලට ගුලිවෙයි

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)