ඇට්ලස් වාමනයින්ට කියයි – මාලන් බණ්ඩාර කපුවත්ත

No Comment 86 Views

දෙරණක මහා බර

උර පිට දරාගෙන

තව දෙව තවත් දෙව

කියනවා වැනි කුරුකුහුඹු තොප .

 

බර වැඩිව ගිය තරමට

කුරුව පා බකලව

දුකම හිස පිට ඔ‍ටුණුව

කවට සිනහව මිතුරුව .

 

අගු‍ටු මිටි උරමතින්

පැන නැගුණු සිව්මහල්

බලව සරදම් පානු

දෑත් දිගුකර තොපට .

 

දෑත් මත හෙලූ මහ බර

තබනු බිම ඇගිලි ගැන ගැන

ඇට්ලස් වුවත් මම

වෙහෙසකර විය මෙතෙක් ආ මග .

 

බරම පිරිපත කළ ඔබ

දියත වුව උසුලනු ඇත

යෝධයකු වුව මම

කුරුව යයි තොප පාමුල .

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)