මග – ජගත් ජේ එදිරිසිංහ

No Comment 22 Views

විසල් මේ ලොව මැද

එක් ලක්ෂ්‍යයකි මේ තැන
දුටුනොදුටු විලසින
මා මෙතැන සිටිනා වග
දිගු ගමනකය සැම දන…

ගොලූවන් කොරුන් බිහිරන්
නොනැවත හුදකලා ගමනේ
තම තමාගේ ලෝකය
බදා දෑතින මසුරු ලෙස
ඒ බරින් වකුටු සිරුරින…

මේ විසල් ගස යට
ලෝබ නැති කළුවර තුළ
සැනසෙමි මොහොතකට
බිම තබන්නට සරතැස
මේ සා දුරක් ඉසිලූ…

මේ විසල් තැනිතලාවේ
හිස බිම නොබා හුදකලාවේ
එකමෙක විසල් ගස යට
නැවතී හැරී ආපසු
බලමි මා ආ මඟ දෙස….
ඇරඹුම සහ අවසානය
අතර මැද දෝ මේ තැන….

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)