අනාදරය – පේ‍්‍රමවංශ දසනායක

No Comment 87 Views

මිලක් නොමැති නිමක් නොමැති

ආදරයේ සුළං රැුල්ල
ඔබත් මාත් දෝතින් ගෙන
අහස් කුසට නැඟුන දිනය

ඔබ නෙත් මිණි පහන් දිලී
මුව හසරැුළි මල් ඉහිරී
අප හදවත් එකට වෙලී
උණුසුම් විය උඩු ගුවනේ

ගිරි හෙල් කඳු මුදුන් මතින්
පාවී යන වලා ලෙසින්
ලොව ජය ගෙන සැරිසැරුවෙමු
සිත ගත පිරි සැහැල්ලූවෙන්

සැක සංකාවක් නොදැනින
අවිනිශ්චිත බවක් නොවින
තනි නොතනිය කියා දෙයක්
කිසිවිට හද තුළ නොහැඟින

ඒ දින සති පිය මං වී
පිය බස් දෙඩු මුව ගොලූවී
නිහඬතාව පවුරු වළලූ
ඔබ මා අතරේ ඉදිවී

කෙමෙන් කෙමෙන් ඔබ මවෙතින්
දුරස්ව යන සේයාවේ
නෙත බොඳ වී හද උණු වී
දිග සුසුමක් ලය මතු විය

මා නොදැනම මගේ දෑස
ඔබ මුව වෙත යොමුවුන කල
ජීවිතයේ පළමු වරට
දුටුවෙමි මම අනාදරය

ඔබ මා වෙත හෙලූ බැල්ම
සපුරා තිබුනෙය පිළිකුළ
වසුරු පිඬක් පමණකි මා
පෙරදින ඔබ ඇඟ තැවරුන

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)