නුඹට නුඹ අහිමි වුණු බව සිතට දැනේවි… – කාංචනා ප්‍රියකාන්ත

No Comment 107 Views

හීනියට හමා ගිය සුළඟ නුඹ ලඟට විත්
නවතින්න කියාවි ළඟ ඉන්න කියාවි
සුළඟකට හමනු මිස නවතින්න බැරි වගක්
සුළඟටත් අමතකව ඇති අයුරු පෙනේවි

සුළි කුණාටුවක් වී සුළඟ යළි හමාවී
මහා ගස් බිම හෙළා නුඹට අඬගසාවී
වියරුවෙන් නුඹ නමින් ගීතයක් ගයාවී
සුළඟ සේ හමන්නට නුඹට බලකරාවී

සුළඟ ළඟ නුඹට නුඹ අමතකව යද්දී
සුළඟක්ව හමන්නට නුඹට හිත කියාවි
සුළඟකට මිස හමායන්නට නුඹට බැරි බව දැනෙද්දී
නුඹට නුඹ අහිමි වුණු බව සිතට දැනේවි…

 

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)