පැන විමසුම් – ජයතිලක කම්මැල්ලවීර

No Comment 137 Views

කහ පාට රතු පාට

තල එලළු ,කට්ට කළු
වටරවුම් බඩ බඩ මහත
හීනි දිග ,රන් පාට
නෙක හැඩැති නෙක රුවැති
මාලු අහිනකි මෙතැන

උන් අතර සැරිසරන
රන්මාලුවකු සොයා
විමසුවෙමි මගෙ පැනය
‘කාට අයිතිද පොකුණ ‘

නෙත් හයා මුව හයා
ඔච්චමට සිනා සී
පෙන බුබුලු විසුරුවා
මට පස්ස හරවලා
පෙඳවරල සොලවලා
යලි හැරී ඉඟිමරා
මගෙන් පැනයක් අසයි

‘කොහෙන් ගෙන ආවා ද
මට නුහුරු ඔය පැනය “?

පුංචි කැට කැබලිත්ත
විසිකළෙමි ඒ දෙසට
පෙනෙන නොපෙනෙන තරම
සසල විය පොකුණු දිය

පොදි ගැසෙයි වෙන වෙනම
කහ පාට එක තැනෙක
කලු පාට එක තැනෙක
තල එලළු තව තැනෙක

ඒ අතර රන්මාළු
සැරි සරති තනි තනිව

 

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)