අන්ධ තරුණිය – උදිත ගමගේ

No Comment 87 Views

ආලෝකයේ හැඩ තල අත්                       විඳින්නට

දෑතින් බදා එහි අරුමය                දකින්නට

සුවඳක් තිබේ දැයි නැහයට          දැනෙන්නට

නිතරම ඈ සිතයි ලෝකය             දකින්නට

 

මල් පෙති මතින් ඈ සිය අතැඟිලි        අද්දා

සියුමැලි සුව විඳී මල් කොපුලේ          වද්දා

විසිතුරු වර්ණ ගැන ඇය නොසොයන සන්දා

තනිවම සිනා සී මල් වල                රසවින්දා

 

නිසලව හිඳ ඇසෙන සියතුන් නගන      හඬ

දිනයක ඇරඹුමක් වග ඈ සිතයි             හිඳ

දාහය නිවී ගත සිසිලක් දැනෙන            සඳ

ඈ දැන ගනී සවසට පිපි කුසුම්              සිඹ

 

සුදු සැරයටිය දිගුකොට පා යුග             නගලා

ඈ පියනගයි අඳුරේ එළියක්                   විමසා

කිසිවෙක් වෙතොත් ඈ ගැන තොරතුරු අසනා

තුතිකොට පිලි වදන් දුනි සිනහව             දීලා

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)