වංකගිරියට නොව – අතුල විජේවික්‍රම

No Comment 86 Views

වංකගිරියට නොව
ශ්‍රී රම්‍ය නගරයට
යන්න මට ඉඩ දෙන්න

ක්‍රිශ්ණගේ පෙලවහට
දෑවැද්ද සපුරන්න
ජාලියට ශිල්ප දී
මඟ පෙන්වලා දෙන්න
ජූජකයො හැමතැනම
දෙන්න බේරාගන්න

ගම්දනව් ගන්න නොව
රන්රිදී  ලන්න නොව
පාරමී පුරන්නට
කුලී ණය පොලි ගෙවා
මියෙන්නට

සිව්දසක් කාලයක්
දුෂ්කරව හම්බකල
උගත්කම් ගුණධර්ම
පිළිකන්නෙ අඩුක්කර
කාත් කව්රුවත් ගැන
වගක් කිසි බහක් නැති
ඈත නොරටක පිහිටි
ශ්‍රී රම්‍ය පුරවරේ
බැලමෙහෙවරට සොඳුර
මන්ද්‍රි යන්නට දෙන්න

වංකගිරියට නොව
ඒ සුරම්‍ය  නුවරට
යන්න මට ඉඩදෙන්න 

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)