පැන්ඩෝරා – කාංචනා ප්‍රියකාන්ත

No Comment 103 Views

පැන්ඩෝරා,

ඔය පෙට්ටිය මට දෙන්න
ඉතුරු වුණු දේ මට පුළුවනි
හොඳ පරිස්සමට
රැකගන්න

අඬන්නේ නැතුව ඉන්න
ගිය දේ එහෙම්මම ගියාවේ
වටිනම දේ ඉතුරු වුණානේ
කෝ හිනාවෙන්න

දැන් ගින්දරත් තියෙන එකේ
අපිට පුළුවන්
කාටවත් හිතන්න බැරි
ලොකු ගමනක් යන්න

හැබැයි මේ විස්තරේ
කාටවත්ම නොකියා
රහසක් විදිහටම
තියාගන්න

 

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)