ක්ලැරා සහ නිර්ප‍්‍රභූ කලාවන් ජාතික කලාවෙහි අඩංගු කිරීම – ලියනගේ අමරකීර්ති

No Comment 200 Views

ක්ලැරා වේගයෙන් අළෙවි වනු පෙනෙයි. ක්ලැරා යනු විශිෂ්ට ගායක හා සංගීතඥ ක්ලැරන්ස් විජේවර්ධනගේ ජීවිතය ඇසුරින් පරාක‍්‍රම කොඩිතුවක්කු කවියා ලියා ඇති නවකතාවකි. මේ කෘතිය නවකතාවක්ද නැද්ද යන්න ගැන විවිධ විවාද මතුවිය හැකිය. ඒ කෘතියේ ශානරීය අනන්‍යතාව ගැන කොඩිතුවක්කු මහතා කළබල නොවන බවත් මේ කෘතිය මෙලෙස ලියා ඇත්තේ දැනුවත්වම බවත් සිහිබුද්ධිය ඇති පාඨකයාට පෙනේ. නවකතාව යනු හරියටම මේ යැයි කියා ස්ථිර නිර්වචනයක බෝඞ් එකක් එල්ලා තැබීම ලෙහෙසි නැත.

 
මේ පොත ලංකාවේ සංගීත ලෝකය ගැනත් සංස්කෘතික ලෝකය ගැනත් වැදගත් ප‍්‍රශ්න අසන නිබන්ධයකි. කතුවරයා මේ කෘතිය ලියන්නේද නවකතාව පිළිබඳ පාඨකයාගේ දැනට පවතින නිර්වචනවලටද අභියෝග කරමිනි. නවකතාව යනු ජීවිතය පිළිබඳ ගද්‍ය මිස අන් කිසිවක් නොවන බව රචකයා එක් තැනක කියයි. මේ නවකතාව ලියන්නේ පේ‍්‍රමයේ තීන්නවලින් යැයි ඔහු තව තැනක කියයි. එසේ ඇරඹෙන කෘතිය ං මිනිසා පිළිබඳ ආදරයෙන් උණුසුම් වූ බුද්ධිමය සරාගයක් සහිත භාෂාවෙන් දිග හැරේ. කටු අකුලේ මල් ඇහැරෙන්නාක් මෙනි. ඒ කොඩිතුවක්කුට ආවේණික බසයි; ශෛලියයි.

 
ඒ කතාවෙන් විස්තර වන්නේ අමරණීය සංගීතඥයෙකු වූ ක්ලැරන්ස්ගේ ජීවිතය සහ කලාඥානය වර්ධනය වූ අයුරුය. ඒ මහා ගායකයාගේ ජීවිතය පිළිබඳ සැබෑ තතු කිසිවක් නොදන්නා මම මේ ප‍්‍රබන්ධය කොතරම් දුරට නිර්ප‍්‍රබන්ධ ලක්ෂණ රැුගත් එකක්ද යන්නද නොදනිමි. එහෙත් කතුවරයා ක්ලැරන්ස්ගේ සංගීත විඥානයේ වර්ධනය ස්ථානගත කරන්නේ අගනා සංස්කෘතික මිශ‍්‍රණයක සහ ලිබරල් බුද්ධිමය සම්ප‍්‍රදායක් වෙතය. ක්ලැරන්ස් යනු අප‍්‍රබුද්ධ ගායකයෙකියි මෙරට ප‍්‍රබුද්ධ සංගීත රසිකයන් විසින් සලකනු ලබන්නට ඉඩ ඇති කෙනෙකි. එහෙත් ඔහුගේ සංගීත විඥානය යනු සංගීතය යනු කුමක්ද යන්න පිළිබඳ සැලකිය යුතු අවබෝධයකින් පහළ වන්නකි. ඊනියා ප‍්‍රබුද්ධ ගී ගයන බොහෝ දෙනෙකුට නැති ලෝකය වෙත විවෘත වූ සංස්කෘතික මනසක ඵලයකි. ඔහුගේ කලා ජීවිතය සැකැස්ම සිදුවන්නේ අමරසේකරගේ අමල් බිසෝද සිරි ගුනසිංහගේ අබිනික්මන ඊ ඩබ්ලිව් අදිකාරම් අදහස් සහ එල්විස් ප්‍රෙස්ලි යනාදී බටහිර ගායකයන්ගේ ගී ආදිය අඩංගු වූ සංස්කෘතික කතිකාවක් ඇසුරිනි. නවකතාකරුවා ක්ලැරන්ස්ගේ දිනපොතක සටහනක් සේ අපට ඉදිරිපත් කරන්නේ ඒ කලා ජීවිතයේ හැඩගැස්ම සිදු වන ආකාරයයි:
”මගේ ජීවිතයි ඉදිරියට ලියලන අතු තුනක් පැහැදිලි වී පේනවා. ගිටාරය, ශීගේ ආදරය, දැනුම.”

 
1970 දශකයේදී ක්ලැරා සහභාගි වූ ගුවන් විදුලි වැඩසටහනකදී නිවේදක ඔහුගෙන් මෙසේ අසයි:
එතකොට ඔබ අලුත් ගායකයන්ට දෙන පණිවිඬේ මොකක්ද?

 
ක්ලැරා මෙසේ කියයි:
”තමන් විඳින හැ`ගීම් ලියන්න. ඉතාම සරලව ලියන්න. හැ`ගීම් ගයන්න. නිදහස්ව ගයන්න.”
මේ කියමන ක්ලැරන්ස්ගේ කලාවේ හරය හසු කරගන්නාක් සේය. අනික එය ඕනෑම කලාවක් සම්බන්ධයෙන් ගැඹුරු උපදෙසකි. එය පරාක‍්‍රම කොඩිතුවක්කුගේ කලාවේත් ආත්මය අල්ලාගන්නා කියමනකි. ඒ නිසා එය උපදින්නේ හුදෙක් ප‍්‍රබන්ධිත ක්ලැරන්ස්ගේ විඥානයෙන් පමණක් නොව ක්ලැරා සහ පරා යන දෙදෙනාගේ සංවාදයෙන් මිශි‍්‍රත විඥානයක ඵලයක් වශයෙනි. මෙම නවකතාව ගොඩනැගෙන්නේ කතුවරයා සහ ක්ලැරන්ස් අතර සිදු වූ ප‍්‍රබන්ධාත්මක සංවාද මාලාවක් වශයෙනි. ක්ලැරන්ස්ගේ කලාවේ හරයාත්මක ආත්මය මතු කර ගැනෙන්නේ ඒ කලාව පිළිබඳ සංවේදී ප‍්‍රබන්ධය සහ සත්‍යය අතර පිහිටු සංවාදකයෙකු විසිනි. මේ සංවාදකයා හුදෙක් කොඩිතුවක්කු කවියා නොවේ. ඒ සංවාදකයා යනු ක්ලැරන්ස්ගේ කලාවේ පරමාදර්ශී රසිකයාය. ඒ පරමාදර්ශී රසිකයා ක්ලැරන්ස්ට සැබෑ ජීවිතයේදී හමු වූවෙක් නොවේ. හිරුගේ ලොවේදී හෝ සඳුගේ ලොවේදී හමු වූවෙක් නොවේ. ඔහු හමුවන්නේ මේ ප‍්‍රබන්ධයේ ලොවේදීය.

 
ක්ලැරන්ස්ගේ ගීතයෙහි කලාත්මක හරය අපට නොපෙනී ගියේ ඇයි? නූතන ශ‍්‍රී ලාංකික සංස්කෘතික නිෂ්පාදිතය තුළ ක්ලැරාගේ නිර්මාණ සමුච්චයට හිමි වන්නේ කවර තැනක්ද? නියම සංගීතය, දේශීය සංගීතය, ප‍්‍රබුද්ධ ගීතය ආදිය තෝරන සහ නිර්ණායක ගන්වන අය කවුද? ඒ අධිපති නිර්ණායක ස්ථාපිත වූයේ කෙසේද? මෙවැනි වැුදගත් ප‍්‍රශ්න රැුසක් මේ කෘතිය ඇසුරින් ඇසිය හැකිය.
බොහොමයක් නූතන සුභාවිත ගීවල ඇත්තේ ව්‍යාජ කවි බසක්. වචනවල මන්ත‍්‍ර බලය නෑ. සිරි ගුණසිංහ මේවාට කීවෙ සමනල් මළ සිරුරු කියලයි.
ක්ලැරා කිසි දවසක මගෙන් ගී පද මාලාවක් ඉල්ලා නැත. (මේ කොඩිතුවක්කුගේ හ`ඩයි)
මගේම වචනවලින් අලූත් ගීත ටිකක් ලියන්නයි මගේ අදහස. ක්ලැරා කියයි.

 
එසේ ඔහු ලියන බොහෝ ගීතවල ව්‍යාජ අලංකාරිකද ව්‍යාජ ප‍්‍රබුද්ධත්වයද නැත; එහෙත් එ්වා අපේ ජීවිතයේ පණ ගැහෙන පුංචි පුංචි තැන්වලින් පැන නැග එන ගීතයකි. ඒ පුංචි පුංචි තැන්වලින් පැන නැග ඔන ඔහුගේ අව්‍යාජ ගීතය ජීවිතයේ විශාල පදාසයක් නිරායාසයෙන්ම වාගේ අල්ලා ගනියි.

 
ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගෙයි
හද විලේ මල් පිපුණා- නිසසලේ පෙති සැලූණා
ආදරේට කියන කතා බොළඳ උනාට- සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට
ටිකිරි මලී පාසැල් ගිය පොඩි අඩිපාරේ
යනාදී ගීත මාලාවක් පැන නැග ඇත්තේ අවංක, අව්‍යාජ ජීවන වේදිකාවකිනි. ඒ ගී මාලාව ඊ නියා ප‍්‍රබුද්ධ ගීතවලට නොහැකි වූ ආකාරයකින් අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ සංස්කෘතියේ මිහිරි ප‍්‍රදේශ සජීවීව රැුකගන්නා ගීමාලාවක් වෙයි.

 
අපේ රටේ ජාතිකත්වය, දේශීයත්වය සහ ප‍්‍රබුද්ධත්වය පිළිබඳ කතිකාවලින් බැහැර කරන ලද කලාත්මක උරුමය නැවත සිහි කැඳවීමේ ශක්තිය ක්ලැරා නම් ගද්‍ය රචනය සතුව ඇත. එය ඉබේ සිදු වන්නක් නොව කතුවරයාගේ සවිඥානක මැදිහත්වීමකි. නූතන සිංහල සංස්කෘතිය මනින්නට හදන ඊනියා නිර්මල ජාතිකත්වයේ දරද`ඩු මිණුම් ද`ඩුවලට හසු නොවන සුඛනම්‍ය වූද මිශ‍්‍රිත වූද ලෝකයද ජීවිතයද වෙත විවෘත වූද සංස්කෘතික සිථිලභාවය ඇති සිංහලත්වය පවතින අවකාශයක් ක්ලැරා කෘතියෙන් අනාවරණය කෙරේ.

 
මේ කෘතියේ විස්තර කෙරෙන විදියට ක්ලැරන්ස්ගේ පමණක් නොව ඔහු වැනි තවත් අයගේ විශිෂ්ට සංගීතය පහළ වී ඇත්තේ දේශීයත්වය හෝ ජාතිකත්වය පිළිබඳ අනම්‍ය සීමා බන්ධන නිසා නොව අතිවිශාල සංස්කෘතික සුඛනම්‍යභාවයකින් සියලූ ලෝකය වෙත විවෘත වූ නිර්මාණශීලිත්වය නිසාය.

 
නවකතාවේ නිරූපිත එනම් ප‍්‍රබන්ධිත පරා මෙසේ කියයි:
50-60 කාලයේ සංගීත සමාජය ගො ළු හදවතක් වුණේ හින්දුස්ථානි සංගීතයෙන් හෙම්බත්වීමෙන් ඇති වුණ සෞන්දර්ය පිපාසයකින්. සමාජය මේ දුක්මුසු තනිකමෙන් මුදාගත්තේ එය පැයේ අලූත් මල්වාරයක් විදියට විකසිත වුණ පොප් සංගීත මහිමයක් ඇති ගීත කලාවයි. මේ සිංදු කලාව සදාතනික ලෙස ජන මතක පොතට ඇතුළත් වුණා. මෙය සිංහල සංගීතය රැුළි නංවමි රළ රැුළි දමමින් ගලන්නට වූ අවස්ථාවක්. අර රාගධාරී දේශපේ‍්‍රමී බමුණු කුල ඊට පස්ස හැරවීම සමාජ විසුළු වක් උනා.

 
ක්ලැරා මගින් පරා නූතන ශ‍්‍රී ලාංකිකයාගේ සංස්කෘතික උරුමයේ දරද`ඩු ද`ඩු වැට ගලවා තව ටිකක් වත් ඈතින් ගසා ගන්නට අපට ආරාධනා කරයි.

 
ඇත්ත
නොවැම්බර් 2

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)