අපේම වූ කල්වාරිය… – තුෂාරිකා ඇන්තනි

No Comment 102 Views
ප්‍රියය,
කල්වාරි කඳු මුදුනෙදි
කුරුසිය බිම තබා
කම්කටොලු සමගම
සැනසුනෙද නුඹ
ලබමින් සමාදානය
දුෂ්කර ගමනෙදි
අතර මගකාන්සිය ගෙවනට
පා පහර දුන් ගල්කැට සිහිව
කදුළු සඟවා ගනු මැන
පව් සමා කළ හැක
පාෙපාච්චාරණයට ඉඩ ඇත
යලි ඉතින් නොහඬනු මැන
යලි ඉතින් නොහඬනු මැන
නොහඬනු මැන
නුඹේම කල්වාරි කඳු මුදුනතට නැග
සැනසුමේ ගීතිකා අස අස
නුඹ ලබන සහනයන් අභියස
කුඩා ගල්කැටවල
ඉකිබිඳුම් සහ කදුළු බිඳුතෙම‍
කල්වාරියට
මුවා වනු ඇත…
In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)