සියල්ල අතර! -විසල් සේනාතිලක.

No Comment 57 Views
.

නා මල් වත්සුණු දියව
ළා දම් පාට කෙටි හවසක
‘බරණැස’ සිප හමාගිය
නාගරික වසන්තයේ සුලඟය

හිත යටින් ගිනි කඳු
දරා ඇවිදින මල් වතුය,
බෙන්සීන් වළලු අතරින්
සිහින සළකුණු සොයන
වළලු නැති දෑත්ය,

ඒ සියල්ලම අතර

සතුට දුක සමසමව
හිත මතට ගොඩ ගසා
කවි හුලඟේ පාවෙන,
කවි බැම්මට
ඉහළින්,
ඔබ,
නවම් සීතලේ මල් දරන
පළොල් පැහැ
රොබොරෝසියා අත්තක්ය.

 

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)