හෘදයාබාධ හා ආඝාත! යශෝධා සම්මානි

No Comment 81 Views

.
ඔබ ගියේ ඒ වගේ,
ප්‍රථම හෘදයාබාධය වගේ
ආශ්වාසය එකතැනම නවතලා
කතා නැති උගුර කට වේළලා
වියරු උල් නිය වැදුනු කළුවරත් සීරිලා

ඇහැරිලා බලනකොට
ලුණු වතුර ගොඩ ගලල
මං නහය ගාවට ගිලිල
කම්මුල් දෙකත් ඉදිමිල – ඇසුත් රතුවෙල

ඉන් පස්සෙ නිතර නිතරෝම
කුඩා ආඝාත වැළඳෙනව එක දිගටෝම
මදුරුවෙක් විද්දම වගේ
යාන්තම් නිය පිටින් අතුල්ලලා පිහදැම්මෙ
ඉඳල හිටලයි රෝස පාටට පළුවක් උනත් දැම්මෙ

කුඩා හෘදයාබාධද? පසු කම්පනද? නැත්තම් මදුරු කරදරද?
වෙන්කරල තේරුම් ගන්න මං නෑ දන්නෙ.
මමත් හිටිගමන් “චටස්” ගා අතුල් පහරක් දෙන්නෙ,
මිනීමරු මදහසක් හින්දයි කට කොණක් යන්තමට එතකොට ඉස්සෙන්නෙ.

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)