සඳ එනතුරු! නිශාන්ත ප්‍රනාන්දු.

No Comment 60 Views

දුරුත්තෙත් නික්ම ගිය තැන සිට
කලා සොලොසක දුර
ඒ තරම් දුෂ්කරයි නොසිතම
කාලයක් ගෙවා අඹර
වලාකුළු පාවඩක් අතුරයි
ගෙට ගන්න නවම් පෝයට පුර හද

යළි එන බවක් පවසාම ගිය පසුව
කඩින් කඩ හීනෙනුත් ගෙදර තතු විමසන
අමාවකදාට නොපෙනෙනුත් මොකටද
ආයෙමත් එන බවක්
අත තබා තරු පැටව් නළලත
දිවුර දිවුරා කියපු පසුවට

ගැහැණු ගති ඉදහිටක පෙන්නන
පාටසායම් ගෑම ඇරුණම
වෙනත් අරුමෝසමක් නැති
අඹර ගැන සඳට ඇති එකම දුක
සමෘද්ධි පෝළිමෙන් අරගෙන
හිරු එලිය බොතලේකට පුරවන්
තරු පැටවුන්ට බිදෙන් බිද පොවන එක
බැස ගිහින් ආයෙමත් එඹෙන තුරු පුන් සඳ

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)