ඇයි ඒ තරම් සිනිඳුවට??? දිනූ රාජගුරු.

No Comment 110 Views

ඔබේ විල්ලුද හඬ
ඇනි ඇනී
ඇනි ඇනී ඇනෙයි
වේදනාවේ හරි මැදට

ක්ෂිතිජයේ උණුම උණු
වියරුවද විඩාවෙනි
පැන නඟියි
කැරට් පාටැති
තරු බුබුළු දිය බුබුළු

ඉරන්නට සිත් වේ
මේ සඳ එළිය
පවරන්නට හැකියි
එයින් එක් කැබැල්ලක්
නැත නැත ,
ඒ සියල්ලම
සදාකාලිකව ඔබට
ඔබේ වීදුරු හදවතට

ඒ ඔබේ දිගු අතැඟිලි
ඇයි ඒ තරම් සිනිඳුවට
ඇයි ඒ තරම් සිනිඳුවට …..

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)