මරණය පෙම්වතෙකු සේ වැළඳ ගමි!! ශෂිකා අමාලි මුණසිංහ

No Comment 28 Views

මරණය පෙම්වතෙකු සේ වැළඳ ගමි
පියෝනී මල් සුවඳ ගඟ දියට ඉහළින් සුළඟ හා මුසු ව ගලා යයි
වස්දඬු රැවින් මුසපත්ව කඳු මුදුන් අත වනයි
මරණය පෙම්වතෙකු සේ වැළඳ ගමි ඉතින්

තිබිණි බෝ යහ පැතුම් පොබවනු වස් හැකි ලෙසින්
එඩි නොපෑ’මුත් හඬමින් දැරූවෙමි ගල් මුල් සුළං
රන් පෑන් ගෙන අතින් නොලියූ බැවින් ‘කුරු බැහැර වූ යුතින්
මරණය වුණත් වැළඳ ගමි මුළු හදින් හද බැතින්

මුළු මහත් එළියම අල්ලාගෙන සිටි බැවින් මිසදිටු දන
අඳුරෙහි සොයා ගත හැකි වුණි සිහිල් පෑ අමොඳ මල්
දේදුනු දුටුවෙමි එකදු එළියක් නොමැති කළුවර කල
ඉතින් අවසර මිදී කළුවෙන් අත වනමි නව එළියට

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)