විශ්‍රාමිකයාගේ මළගම​!!! ජයසේන කොඩිතුවක්කු,වත්තල​.

No Comment 53 Views

අතැඟිලි ගාණටත් අඩුයි
එදා හිටපු මිතුරෝ
තරාතිරම බැනරයකින්
ගේ දොරකඩ ලොකු අකුරින්

ගුවනින් එන තෙක් දරුවන්
පහන් දැල්ල ඉහ ඉද්දර​
වෙස්සන්තර ජාතකයෙන්
දේශනාව නිහඬ බසින්

පරපුර වෙනුවෙන් සමහරු
ඇවිත් ගියා දුක කියන්න​
වළලන තෙක් තනි රකින්නෙ
දර්ම චක්‍කරේ අනුරුව​

යකඩ සිතක සවිය අරන්
පෙර මතකය තුරුළු කරන්
මිහිදන් වන තෙක් තනිවම​
බලා සිටී බිරින් දෑ .
=====෴=====

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)