කරදිය ලෝලයාගේ තෙතබරිත හැන්දෑව – ජගත් රණතුංග

No Comment 10 Views

 

හමන දඟ සුළං නිරිතෙන්
සදන රළ රැලි ඈත දියඹෙන්
හමන උමතු රළ – රළ ලුහුබඳිමින්
දිවෙන රඟට නුඹ කඩොලෙකි සයිමන්

කරදියට පාව විත් නිල්වලා මිරිදියෙන
මුදුන් වන රළ සමඟ මුදුන් වන
කරට කරදිය පෙණ මුතු පළන්ඳන
නුඹෙ සැකිලි රුව අගෙයි මේ වෙරළ උදම් වන

හිරුගෙ මරණයෙ රන්කෙඳි වැටෙන
ළය මඬල රන්වන්ය රන්කෙසින්
දිය කෙළින ලෑලි පලසින් තරඟ රළ පිට නැගුණ
සමබරය නුඹ වෙරළ වෙත වේගයෙන් ඇදී එන

දකුණු දිග සැඳෑ කළුවර හැපෙන
රළ වළප මත පරෙවි දූපත හිඳින
නැවතුමට සිත නොදෙන දියකෙළිය සනාතන
නුඹ ගැන දුකෙනි නිකරුණේ ලවණෙහි දිරන…

හැත්තෑව දශකයේ අග භාගයේ පුවත්පත්, සඟරා හරහා කාව්‍ය ක්ෂේත්‍රයට පිවිස, ප්‍රතිභාසම්පන්න පරිණත කවිත්වයක් ප්‍රකට කළ ජගත් රණතුංග කවියා හදිසියේම ජීවිතයෙන් සමුගෙන ගොස් ඇත. ‘උන්හිටි තැන්‘, ‘කරදියලෝලියාගේ තෙතබරිත හැන්දෑව‘, ‘ඇසෙනා තුරුම සිටීම‘, ‘ගඟේ ගිය දවස්‘ ආදී ලෙසින් ඔහු කාව්‍ය සංග්‍රහ කිහිපයක්ම පළ කර ඇත්තේය.

කරදියලෝලියාගේ තෙතබරිත හැන්දෑව‘ කවි එකතුවෙන් ඉහත කවිය උපුටා යොමුකරන ලද්දේ මංජුල වෙඩිවර්ධන සොයුරා විසිනි

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)