ග්ලැඩියේටර් පෙම්වතී මම!!! තරංගනී රෙසිකා ප්‍රනාන්දු

No Comment 80 Views

 

එනු සටනට…!
ප්‍රේමය නැත්නම් මරණය

අසිපත සුරත දරමින්
සිතුවිලි මුවහතින්
පලිහ ද ලෙළවමින්
කවිකමහි උණුහුමින්
ස්නේහයේ මී විතම තොල ගා
සටන් බිම බට
ග්ලැඩියේටර් පෙම්වතී මම…

මුනිවත තබා උකසට
සුසුමින් දැවූ හදවත
කඳුළින් දොවා කවියක
හංස ගීතය ම මුමුණන
ප්‍රේමණීයම සතුරා අබියස

අසිපත සැලෙත – හුණු වී වැගිරෙත…
පලිහ ගිලිහී – කවි ද ඉකි බිඳුමෙක…

දේවදූත මංගලම් ගැයෙන
ස්වර්ගයෙන් ආසිරි පැන් ඉහින…
සටන් බිම මැද
දණ හොවා ළය හොවා
සිපගනිමි…
මගේ ආදර කඳුළු බින්දුව…

ඉදින්,
සදාකල්හිම
නියත පැරදුම ම හිමි
ග්ලැඩියේටර් පෙම්වතී මම…

 

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)