කොයි තරම් හොඳද!!!! නිබන්ධිකා වන්නිනායක.

No Comment 175 Views

සීතලම වදනක පවා
ඇවිලෙන්න ගිනි ගන්න
තැන් හොයන..

තාරකා මල් නෙළන
දැරිවියක
රැවුමකින් පොළොවටම
හෙළන..

රත් රෝස මල් පැහැ
කොපුලක
මූසලම අළු පාට
අඳින..

හිතක් තිබුණත්
නැතත්
රිදුම දිය හැකි වෙද
බලන..

කොයි තරම් හොඳද
“ඔබ මා ළඟ නැති එක”

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)