දුවට දුන් ඔවා!!! පද්මිණී ශ්‍රියාලතා.

No Comment 111 Views

 

ඉගැඹුරුම ළිං පතුළ අමා පැන්
දියත් කර පනිට්ටුව සීරුවෙන්
ඉස්සිලා පා ඇගිලි තුඩු වලින්
ගොඩට ඇද ගත යුතුයි වීරියෙන්

ළිං පත්ළ ඇදි ඔබේ පිළිඹිබුව
කැබැලි කැඩි කැඩී උඩ එනු ඇතිය
මදක් විත් විසිරෙණා දිය බිදිති
වැටී යළි සරැළි නංවනු ඇතිය

කුවණ්නා සේම පිටමං කළොත්
යකින්නක වග පසක් කළ යුතුය
දහවලෙහි නොව අදුරු මහරැයේ
තිරය වී දැවී දැල්විය යුතුය

මිට අගින් අතට දෙන කඩු වුණත්
අපේ පපු වලම දැවටිය හැකිය
තියෙන තරමට කඩුව අපි ළගම
දෙදෙනාම පරෙස්සම් වනු ඇතිය

මං වුණත් දැන් බොහොම කාලයක්
කිළි නැතුව හොදට ගිනි පෑගුවා
එනිසාම රන්දෝලි පෙරහැරේ
ඉදිරියෙන් දුවේ නුඹ වඩිනවා

සිදුහත්ව කියවලා නැති අයත්
පතිනියට බිම්බා ම පතනවා
ලොක්කියේ අහගනින් උඹට තව
නංගිලා තුන් දෙනෙක් ඉන්නවා..

 

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)