එනතුරා මඟ බලනෙමි !! මේකලා දහනායක.

No Comment 68 Views

ඉරත් ඔරවන හවසක
ඉරට පිච්චුන නගරෙක
සියක් බැල්මන් මඟ හැර
එකම දෑසක් සොයනෙමී

හෝන් සද්දෙට ගැස්සෙන
රක්ත එළියට ඔරවන
ලද ඉසිඹුවට දිව යන
කලබලම පා දකිනෙමී

ඔරලෝසුවට එබෙමින
මූණු අැද කර රවමින
කටු වලට ගතු කියමින
දුවන මිනිසුන් දකිනෙමී

පරක්කුව ගැන ගොරවන
අා සැනින් දොස් පුරවන
පෙම්වතුන්ගේ මුහුණත
සිනා රැල්ලක් සොයනෙමී

ගොදුරු ලොබ පිරි දෑසින
පිරිමි ගොදුරක් එළවන
බාල පව්ඩර් තැවරුණ
මුහුණු වල හැඩ සොයනෙමී

වසුරු තැන තැන හෙළමින
කරච්චල් හඬ නඟමින
හැමට ඉහළින් පියඹන
කාක් කරදර ඉවසමී

ඉරත් හැංගෙන හවසක
ඉරට පිච්චුන නගරෙක
සියක් බැල්මන් මඟ අැර
එකම දෑසක් විමසමී

හිනා මල් පෙති අරගෙන
එනතුරා මඟ බලනෙමී.

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)