නන් පැහැ පත් !! මානෙල් කේ.ආර්.ප්‍රනාන්දු

No Comment 87 Views

ගිම්හාන සැඳෑවකි

වියළි උණුසුම් මඳ සුළං හමන

අසළ නිවසක උදුනකින් නික්මෙන
ඇපල් අතුරුපසක් පිසෙන සුවඳ
නැහැපුඩු තුළින් ඇතුළු වී
රස නහර පිනවන

ගිම්හාන සැඳෑවකි
කහ, තැඹිලි, රතු, දම්, දුඹරු පෑ ගත්
මේපල්, ඕක්, බර්ච්, ඇස්පන් පත්
එහෙ මෙහෙ විසුරන
හෙමින් පාවෙන ඒ පත්
ගස් යට විසිතුරු පලසක් එලන

කළු පෑ දඬුලේනුන් යුවලක්
වැටුනු තුරුපත් අතර
සතුටින් දුව පැන නටන
සුළඟේ සර සරයට
මොහොතකට වලිගය උස්සා
හිස කෙලින් කර බලන

මැදිවියේ යුවලකි
නන් පැහැ පත් අහුලමින්
පාළු වීදිය දිග ඇවිද යන…..!

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)