ප්‍රේමයේ නද..! අනුෂ්ක ප්‍රනාන්දු

No Comment 135 Views

සඳ එබී මට හිනැහුනත්
යම් දෙයක් ඇත කීමට
තාරුකා නැති රැයකට
මම කියන්නේ දහවල.
.
රෝස සහ කටරොළු මල
දෙපැත්තකි මල් ලෝකෙක
ඇග පුරා කටු නාගෙන
මල් වෙලා හිද මොකටද ?
.
නැව් කියා අපි ඇමතුවත්
පාවෙන යම් දේකට
හිස් බදේ ගල් හැප්පුනොත්
නැව් බහින්නේ පතුලට
.
රැස් වෙලා සමණල්ලු යද්දී
හරිත පැහැ ගත් නිම්නෙට
තැනක් නොතැනක් නැතිව සුපිපෙන
බාලොලී ඇයි නිහඬව..
.
ගස් වගේ හිත හදාගෙන හිද
අතැර දැමු පසු පත් රැස
ඈත නිම්නෙන් ඇසුණි මාහට
ප්‍රේමයේ සත්සර නද..

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)