එකම එක විහඟෙක්!! ගංගා ප්‍රසාද් කුමාර.

No Comment 59 Views

දවසක් ද රැගෙන 
ඉගිලෙමි පෑළ අහසට
ඔබ සැනසෙන්න 
මේ රැය තුළ

දවසක හමු වූ 
දවසක ම වෙන්ව යන
මිනිසෙක් ය ඔබ මට
මේ දිගු ගමන තුළ

හෙට ඒවි 
මා මෙන්ම අළුත් විහඟුන්
රැවටෙන්න එපා
ඒ මම ය කියා

දවසින් දවස ට..
ඇවිත් යන’ 
ඔවුන් අතරේ
මම එකම එක විහඟෙක් ය

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)