හොඳම පොත!!! ප්‍රමිත් අලුත්වත්ත.

No Comment 405 Views

ටොම් නැති සොවින් වැළපුණු

හකල්බරි වෙමිය මම

දුගී මා ඉන් මුදා
ශිෂ්ටත්වයට පත් කිරීමට
වැන්දඹු ඩග්ලස් නෝනා
දැරූ තැතක මහත

අවැසිය මට දුම් ඉරීමට
නමුදු ඈ පවසන පරිදි
නරක පුරුද්දකි එය
අහෝ දුප්පත් ඈ

ඇගේ සොයුරි වොට්සන් මෙනෙවි
මෝසස් ගැන මැරෙන්නට යන ඇයට
මා අපායට යාම වැළකීමට අවැසියිලු
එහෙත් මට අවැසි
කොහි හෝ යාමටය

අන්තිමේදී තෝරා ගතිමි
මගේ වීර චාරිකාව
මිසිසිපි ගඟ දිගේ
වඩා හොඳ ලෝකයක් වෙත

සියල්ලම නිම කොට
පැමිණ සිටින මට දැන් හැකිය
හකල්බරිගේ හපන්කම් ගැන
හොඳම පොත ලියන්නට

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)