සෝක තරඟ!! ධනුෂ්කා නිශාදි කුළරත්න

No Comment 334 Views

ජීවිතයේ සෝක තරඟ
අනේක විධ දුක් කරදර
ඔබ ආවත් – යළි නාවත්
නිති හද ඉම් කොනිතිගායි

අඳුර දිනෙක වැහි සීතෙක
මතකය පෑරෙන මොහොතක
දෝතක සතපා ලූ සිත
අහස ගව්ව අරා නැගෙයි

දවස ගෙවෙයි කල ගතවෙයි
කැපෙයි රවුළු කොට දික්වෙයි
කිතියක මතකය දුර ගොස්
ගොම්මන රැයකට ගොඩවෙයි

දුර නගරෙක පාළු මගෙක
අකුණක සැඟවුණ එළියක
හිස සිඹ තැති ගැණුනු දෙතොල්
සදාකාලෙටම ගොළුවෙයි

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)